Monday, November 29, 2010

කුණු අංක එක නොහොත් Say-Fail -Aමරසිංහ කුණ

කුණු අංක එක නොහොත් Say-Fail -Aමරසිංහ කුණ

ලංකාවේ පළමුවෙනියටම නොවුනත් කුණු බිස්නස් එක මෑතක ආයිත් පටන් ගත්තු "පැපරාසියා" පඩංගුව තමයි අපි නමෝ විත්තියෙන් අකුණු ගහන්න තෝරගත්තේ අද.

මේ පැපරාසියා සංස්කරණය කරනවා කියල කියන්නේ නොම්මර එකේ කුණු මාස්ටර් කෙනෙක් වන Say-Fail -Aමරසිංහ. මෙයා ගැන අගනුවර සංවාද කව ඇතුලේ මරු කතා තියෙනවා. ඒවා පස්සේ අපි එකින් එක ගේනවා. මෙයා ඉස්සර යන යන සංවාද සබා‍වලින් ඉල්ලගෙන කාලා කාලා නැති වෙන තැනටම ඉල්ලං කනවා. නිකම් පොර වෙන්න යෑමෙන් තමයි මේවා වෙන්නේ. නැතිව වැඩකට ඇති දෙයක් සංවාදගත කරන්න අබමල් රේණුවක උත්සාහයක් දරලා නොවෙයි. 

මේ දවස් තමයි Say-Fail පත්තර කඩමාලුවල ලිය ලිය ඇවිදින කාලේ. මීට අවුරුදු හය හතකට ඉස්සෙල්ල...පොර දිවයින, ලංකාදීප- එතකොට එයාට ඕන ඕන මඩ ලියන්න ඉඩක් තිබ්බේ නැහැ. ඒ කාලේ සඟරා කරපු අනිත් අය ඒ කියන්නේ ලන්ඩන් සඟරාව වගේ ඒවා මෙයාව උඩදාලා බිම නොවැටෙන්නම ගහන්න ගත්තා, මෙයාගේ සමාජ ගොන්පාට් වලට. තැන නොතැන නොබල පොර වෙන්න දඟලන මාරාන්තික දැඟලිල්ලට. පොර ඒ කාලේ හෙනම වාතයක් බවට පත් වුනා එක්ස්‍ එකේ සංවාද ශාලා ඇතුලේ...අම්බ වාතයක් වුනා.

ඒ කාලේ පොර ගනන් හද හද හිටියා කවද හරි තොපි සේරටම ගේම දෙනවා කියලා. දැං ඔන්න මෙයාට සඟරාවක් කරන්න කවුදො ගස් ගෙම්බො ටිකක් සෙට්වෙලා. ඇත්තටම මේක සෙට් විල්ලක් කෙසේ වෙතත් ඒ ගොබ්බයො ටික Say-Fail ට අහුවෙලා. Say-Fail  ගේම්කාරයා බව නොදන්න අහිංසක මෝඩ සෙට් එකක්- දැනට ඒ ඇති. දැං Say-Fail  දෙන්න පටං අරං ඇට්ටි හැලෙන්ට එයාට ඒ කාලේ ඇරිය සේරමලට.


මේ ඇරිය අය අතරේ ඇරියෙ නැති අයත් ඉන්නවා. මෙයාට කාට හරි අරින්න ඕන වුනාම එයා එයාට කලින් ඇරිය ද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ මෙයාට ඇරියම Say-Fail ගේ සඟරාව විකිනෙනවද කියන එක විතරයි.


හැබැයි Say-Fail  පුතෝ උඹට වැඩිකල් කුණු අවුස්ස අවුස්ස නගර සභාවේ කුණු ලොරියේ වැඩ කරන්න නම් ලැබෙන්නේ නැහැ! රියල් කුණු මාස්ටර්ලා තියරියට අනුවම උඹලා වගේ කුණුවලවල් ඉහං කන ඉහඳ පනුවො හෙට අනිද්දට නිරුවත් කරන්න පටං ගන්න නිසා .

කුණු සහ අකුණු

ලංකාවේ දැන් අලුත්ම බිස්නස් එක තමයි කුණු බිස්නස් එක!

කුණු විකුණන්න දැං පට්ට තරගයක් තියෙනවා. මේවා එසේ මෙසේ කුණු නොවෙයි. සාහිත්‍ය කලා කුණු!

මේ කුණුවල අනිත් කුණුවලට වඩා වෙනස සොයා දැන ගන්ඩත් ඕන. ඕනම කුණක් දැං කුණු විදියට ගන්න බැරි තරමට කුණු සීඝ්‍රගාමීව කොලිටියෙන් වැඩි වීගෙන යනවා.

එහෙම කුණු කොලිටි නග්ගන වෙබ්සයිට්, බ්ලොග්සයිට්, සැලෝලයිට්, පත්තර, සඟරා කඩමාලු හතරවටේ තියෙනවා අම්බානක් මොකද මේ කුණු කියන්නේ කුණුම නොවන අකුණු ජාතියක් නිසා.

මෙතන හැබැයි මඩ නෑ. කුණු විතරයි. කාගෙ කාගෙත් ඇඟේ ඔතාගෙන අනිත් එකාගේ කුණු අදින පරපෝෂිතයො වගේ ඉන්න මළ කුණුවලටයි මෙතනින් අදින්නේ...කුණු ඇඟේ පතේ නැති අය කලබල වෙන්ට එපා. ඒ අය බේරලා මළකුණුවලට ගේම දෙන්නයි මේ එන්නේ...

කේශාන්තෙ ඉඳං පාදාන්තෙට කුණු නාගෙන ඉන්න අයට විතරයි මේ අකුණු වදින්නේ!!!

දිගටම රැඳෙන්න!!!

සර්වලෝකවාසී මිනිසුනි එක්වව්!
කුණුවලට එදිරිව අකුණු!