Thursday, December 9, 2010

මා වෙනුවෙන් ඔබ කඩේ යන්නේ නම්, ඔබ වෙනුවෙන් මම ද කඩේ යමි.

මා වෙනුවෙන් ඔබ කඩේ යන්නේ නම්

ඔබ වෙනුවෙන් මම ද කඩේ යමි.

එය මගේ යුතුකමකි.

මගේ බ්‍ලොග් රෝලේ ඉන්නේ දෙන්නෙකි. ඔබ කැමති නම් මගේ කුණු සහ අකුණු ඔබගේ බ්ලොග් රෝලේ පෙන්වන්නට, මම ද ඔබගේ බ්ලොග් අඩවිය මගේ බ්ලොග් රෝලේ පෙන්වමි.

අපි එකිනෙකාට කඩේ ගියාට කමක් නැහැ නේද?

සහෝදරත්වෙන් කඩේ යමු. වැරදි දේකට නොවෙයි නේ...හොඳ දේකට කඩේ ගියාට කමක් නෑ ...

"මියුචුවල්" කඩේ යාම අනිත් අතට එකකින් එකක් කැන්සල් වෙලා "නල්" වෙනවා....හරියට අර කතානායක තෝරන චන්ද විමසුමෙදි අතුරලියේ සාදු කළා වගේ.

හික් හික් අධෝමුඛයෙන් හසරැල්!!!

කඩාගෙන යන්න-ආයෙම අහු වෙන්න

කඩාගෙන යන්න... කාලා එන්න... ‍ඉගෙන ගන්න... ආයෙම අහු වෙන්න.




මේ වගේ දැන්වීම් බලුප් වගේ පත්තුවෙන තැනක ඇතුලේ ඉන්න අය එලියෙ ඉන්න අය ගැන මොන වගේ චිත්‍රයක් මවාගෙන ද ඉන්නේ කියන එක ගැන පොඩ්ඩක් සොයා බලන්න..

කාලයක් මතකද පහේ පත්තර කියල ජාතියක් ආවා වෙළඳ පොලට? ලිංගික කතන්දර අමු විකෘති විදියට ලියාපු ඒවා? අර ඉස්කෝලවල යන පොඩි කොල්ලො කෙල්‍ ලො ටාගට් කරල? අන්න ඒවා ලියපු අය තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ‍ ගොල්ලන්ගේ කැත හිත තමයි මේ පුංචි කැබලි වෙලා වෙබ්සයිට්වල එල්ලිලා තියෙන්නේ...

එච්චරයි කියන්න තියෙන්නේ...!

මි‍දුලේ වැලක රෝස පැහැති පෑන්ටියක්..


ලංකා‍වේ ඊළඟ ජනාධිපති බන්දුල පද්මකුමාර

මුල් පිටුව කරන ගමන් මිනිහ මේ තුන්ලෝකෙටම රහසේ තමන්ගේ දේශපාලනික පරිණත කම, තුන්ලෝකෙන් තුන් කෝටියෙන් එකේ පංගුවක් වත් තරම් නැති ලංකාවේ ස්වර්ණවාහිනී බලන ජනකායට උදේ පාන්දර පාන්දර මතුරමින් ඉන්න එකේ ප්‍රතිඵලය මොකද්ද කියල තාම රාජපක්ෂ ආණ්ඩුවට තේරිල නෑ.
මේ යකා බ්ලේක් හවුසියේ තියෙන තරමක් දේපොල මුදල් හොර පාරෙන් පන්නන ගමන් රහසෙ රහසේ මේ සේරම එකතු කරන්නේ මහින්ද අයියගෙ ඇස් වහල හෙමින් සීරුවේ ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්න බව මේ යක්කුන්ට තාම තේරිලා නෑ‍.


අද‍ ඕන මාධ්‍ය සංඛ්‍යා ලේඛණ සංගණන ආයතන‍යකින් ඇහුවම කියයි මුල් පිටුව සහ බන්දුල පද්මකුමාර ලංකාවේ කොයි තරම් ජනප්‍රිය ද කියලා.
මල් කුමාරයා නේ...


යකෝ ලංකාවේ ජනාධිපති වෙන්න ඕන වෙන්නේ මාධ්‍ය ඔස්සේ තියෙන ජනප්‍රියකම විතරයි. කාලයක් සිරස කෑගැහුවේ ඒ අය තමයි පාලකයෝ හදන්නෙත් නැති කරන්නෙත් කියල මතක නැද්ද?


මහින්ද රෙජිමන්ට් එක ගෙදර යවන්නේ රනිල් නොවෙයි...බන්දුල පද්ම කුමාර.


බොරු නම් මේ තියෙන ලියවිල්ල බලන්ඩ...

මේක එසේ මෙසේ ලියැවිල්ලක් නොවෙයි. බන්දුල පද්මකුමාරගේ මුල් පිටුව ගැන සේපාල් අමරසිංහ සංස්කරණය කරල සරසවි ප්‍රකාශනයක් විදියට ආපු මහා වංශය විතර විසාල ග්‍රන්ථයක ලියැවිච්ච දෙයක්.


මේ වගේ මහප්‍රාණ ග්‍රන්ථයක බොරු අනාවැකි ලියැවේයැ කියල කවුද හිතන මෝඩයා??


මේ තව තියෙන්නේ එයා කුමරි පත්තරේ ඉන්න කාලේ වක්‍රව කරපු දේශපාලනේ නිසා ජේවිපී මෝඩ රැලට අහුවෙන්න ගිය අම්බානක් එවුන් බේරගත්තය කියල කට හෝදල කියල තියෙන අපූරුව. ඉතිං යකෝ මේ පාර මුල් පිටුව වගේ මුලු ලංකාව රෙද්ද උස්සං බලන ප්‍රෝග්‍රෑම් එකක් , ටීවි බෙල්ට් එකක් මොනව නොකරයි ද  කියල කාට කියන්න පුළුවන් ද?


මහින්ද ඔබට සුභ අනාගතයක්!

Tuesday, December 7, 2010

චුට්ටන් බට්ටිත්තෝ වෙනුවෙන් යම් හඬක් ...

පළාත් සභා මැතිවරණ ඉතිහාසයට නව වාර්තා පිට වාර්තා තබමිනුයි ඔබ මේ මැතිවරණයට තරග කරන්නේ?

ඔව් අනේ, මෙතෙක් පළාත් සභා ඡන්දයකට ඉදිරිපත් වෙච්ච ලාබාලම කාන්තාව මමයි. ඒක ගිනස් වාර්තාවක්. මා ඇර තව පොන්නයෝ විසි දෙදෙනෙක් අපේ පක්ෂයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මුළු ගාලු දිස්ත්‍රික්කයටම මා හැර වෙනත් කාන්තා නියෝජනයක් නැහැ. අනිත් ඉල්ලන අයත් පොන්නයෝනේ මම කීවේ...පව් මෙයාලා...

ඉතිං ඇයි මේ තරම් හදිසියේ දේශපාලනයට එන්න හිතුනේ?

අපේ ගොඩාක් නළු, නිළියෝ, ක්ලැපර් බෝයිලා, ටී බෝයිලා වගේම විවිධ කලාකරුවන් මීට පෙර ක්‍රියාකාරී දේශපාලනයට එක්වී තිබෙනවා. ඔව්‍‍‍.... ඒ අය හෙමින් හෙමින් ඒ අයගේ වැඩ ටික කර ගත්තා. ගොඩ ගියා. ඉතිං මම දේශපාලනයට එක් වුණේත් ඒකම නිසා‍ නෙවෙයි කියල බොරු කියන්න හොඳ නෑනේ මෙයාලා. රටට හොඳ දේශපාලන ඉතිහාසයක් නැතත් මට හොඳ දේශපාලන ඉතිහාසයක් තියෙනවා, පවුල් පසුබිමක් තියෙනවා. අපේ අම්මි ඒ පසුබිමේ විශාල පේන්ටිං එකක් වගේ ඉන්නවා. ඉතිං ඒ ඇතිනේ...අනිත් අය එහෙම ‍මොකුත්ම නැතිව නේ ආවේ. පසුබිමේ ලොකු මාළු ටැංකියකුත් තියෙනවා. ඇත්තමයි.

ඒ මොන වගේ ඉතිහාසයක්ද කියල කියනවද මෙයා?

මගේ සීයා බ්‍රහ්මදත්ත. ඔහු අශෝක රාජාණ්ඩුව කාලේ හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ මීමුත්තා. මගධ ආසනයෙන් තරඟ කළාට ඔහුගේ ගම කාසි - කෝසල කිට්ටුව. ඒ වගේම මගේ ආච්චිගේ අයියා කෙනෙක් තමයි ඇනැක්සිමැන්ඩර් කියන්නේ. එයා අපේ රටේ වාමාංශික දේශපාලනයේ ප්‍රබලම ප්‍රබලයෙක්. ලංකා සමසමාජ පක්ෂය බිහි කරන්න පුරෝගාමීව කටයුතු කළේත් එතුමාගේ බාප්පා. ඇත්තමයි අනේ...

ඒ පසුබිම අර මම කීවේ මමී ඉන්න එක අන්න ඒක යටතේ මහරජාණන්ගේ මැතිවරණ ව්‍යාපාරයට මම මුලින්ම සහය දැක්වූවේ වයස අවුරුදු දහ අටේදී. එතකොට මම ඇටෙන්ඩ් වෙලත් නෑ. මම හිතුවා එතුමාට සහාය පළ කර මුල්ම නිළිය මමයි කියල. එතුමාත් ඒ බව ඒ කියන්නේ මම එහෙම හිතූ බව දන්නවා. ඊට පස්සේ තමයි මම ඇටෙන්ඩ් වුනේ. පාටිය තිබ්බෙත් ටැම්පල් ට්‍රීස්වලට මෙහා පැත්තේ බියර් ගාඩ්න් එකක. මං හින්ද චින්තනයෙන් අපේ රටට, අපේ කමට අපේ යටට ගැළපෙන ප්‍රතිපත්ති මාලාවක් සකස් කර තිබෙනවා කියලා එයාලා හිතනවා වගේම මමත් හිතා ගෙන ඉන්නවා. ඒවා ඉදිරියට ගෙන යන්න තමයි මම දේශපාලනයට එක්වුණේ. අනේ එහෙම තමයි මම කාට වුනත් කියන්නේ...ඇත්තමයි. ඒකෙන් මගේ පපුව වැඩි වුනා, පිපුනා පෝරණුවට දාපු බනිස් ගෙඩියක් වගේ. ඒකෙනුත් මට ඡන්ද වැඩිවෙනවා.

මම දන්නවනේ මගේ ඡන්දදායකයෝ ගැන. ඒ අය මගෙන් ඉල්ලන්නේ මොනවද කියල මට කියත හැකි ඒ අයගේ ඇස් තියෙන්නේ කොහෙද කියලා බැලූ ගමන්.. ඉස්සරහ ඉන්න අය බලන්නේ මගෙ පපුව දිහා...පිටි පස්සේ ඉන්න අය බලන්නේ මගේ පස්ස දිහා. ඉතිං හරී ලේසියි අනේ..‍ පොලිටික්ස් හරිම ෂෝයි. ඉතිං මට ඡන්ද වැටෙන එක කාටවත්... කාටවත් නවත්තන්න බෑ...මං ඒ හැමෝටම එයාලගේ හීන ඇතුලේ මට ඕන දෙයක් කරන්න කියලා ඉඩදීලා මම මගේ පාඩුවේ පාඩුවේ ඉන්නවා ඡන්දෙන් පස්සේ‍ කොළඹට වෙලා...

මේ සඳහා ඔබට ආරාධනා කළේ මහරජාණෝ ද?

ඇත්තෙන්ම රට වෙනුවෙන් වැඩ කරනවා කියල ජනතා මුදලින් යම් ප්‍රමාණයක් මගේ රූප ලාවන්‍ය කටයුතු සහ සනීපාරක්ෂක තුවා ගන්න වගේ දේවල් වලට යොදා ගන්න ගමන් රට වෙනුවෙනුත් යම් යුතුකමක් ඉෂ්ට කරනවා වගේ රඟපාන්න කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍ය නැහැ. නමුත් මහරජාණන්ගේ තියෙන කිසිම ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්තියට මා ගරු කරනවා. මේ රටේ කාන්තාවන් ඒ වගේම යොවුන් පරපුර ඒ කියන්නේ අපි වගේ චුට්ටන් බට්ටිත්තෝ වෙනුවෙන් යම් හඬක් නගන්නයි මම උත්සාහ කරන්නේ. ඒ හඬ හරියට ඌයි ඌයි ඌයි හාහ් ආහ් හාහ් ආහ් හාහ් ඌහ් ඌහ් ඊහ් ආහ් ගානවා වගේ හරිම ලස්සන එකක් වෙන්න ඕන.

ඔබට හැඟෙන- දැනෙන- දන්නා පරිදි "පොන්නයා" යනු