Thursday, December 9, 2010

ලංකා‍වේ ඊළඟ ජනාධිපති බන්දුල පද්මකුමාර

මුල් පිටුව කරන ගමන් මිනිහ මේ තුන්ලෝකෙටම රහසේ තමන්ගේ දේශපාලනික පරිණත කම, තුන්ලෝකෙන් තුන් කෝටියෙන් එකේ පංගුවක් වත් තරම් නැති ලංකාවේ ස්වර්ණවාහිනී බලන ජනකායට උදේ පාන්දර පාන්දර මතුරමින් ඉන්න එකේ ප්‍රතිඵලය මොකද්ද කියල තාම රාජපක්ෂ ආණ්ඩුවට තේරිල නෑ.
මේ යකා බ්ලේක් හවුසියේ තියෙන තරමක් දේපොල මුදල් හොර පාරෙන් පන්නන ගමන් රහසෙ රහසේ මේ සේරම එකතු කරන්නේ මහින්ද අයියගෙ ඇස් වහල හෙමින් සීරුවේ ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්න බව මේ යක්කුන්ට තාම තේරිලා නෑ‍.


අද‍ ඕන මාධ්‍ය සංඛ්‍යා ලේඛණ සංගණන ආයතන‍යකින් ඇහුවම කියයි මුල් පිටුව සහ බන්දුල පද්මකුමාර ලංකාවේ කොයි තරම් ජනප්‍රිය ද කියලා.
මල් කුමාරයා නේ...


යකෝ ලංකාවේ ජනාධිපති වෙන්න ඕන වෙන්නේ මාධ්‍ය ඔස්සේ තියෙන ජනප්‍රියකම විතරයි. කාලයක් සිරස කෑගැහුවේ ඒ අය තමයි පාලකයෝ හදන්නෙත් නැති කරන්නෙත් කියල මතක නැද්ද?


මහින්ද රෙජිමන්ට් එක ගෙදර යවන්නේ රනිල් නොවෙයි...බන්දුල පද්ම කුමාර.


බොරු නම් මේ තියෙන ලියවිල්ල බලන්ඩ...

මේක එසේ මෙසේ ලියැවිල්ලක් නොවෙයි. බන්දුල පද්මකුමාරගේ මුල් පිටුව ගැන සේපාල් අමරසිංහ සංස්කරණය කරල සරසවි ප්‍රකාශනයක් විදියට ආපු මහා වංශය විතර විසාල ග්‍රන්ථයක ලියැවිච්ච දෙයක්.


මේ වගේ මහප්‍රාණ ග්‍රන්ථයක බොරු අනාවැකි ලියැවේයැ කියල කවුද හිතන මෝඩයා??


මේ තව තියෙන්නේ එයා කුමරි පත්තරේ ඉන්න කාලේ වක්‍රව කරපු දේශපාලනේ නිසා ජේවිපී මෝඩ රැලට අහුවෙන්න ගිය අම්බානක් එවුන් බේරගත්තය කියල කට හෝදල කියල තියෙන අපූරුව. ඉතිං යකෝ මේ පාර මුල් පිටුව වගේ මුලු ලංකාව රෙද්ද උස්සං බලන ප්‍රෝග්‍රෑම් එකක් , ටීවි බෙල්ට් එකක් මොනව නොකරයි ද  කියල කාට කියන්න පුළුවන් ද?


මහින්ද ඔබට සුභ අනාගතයක්!

No comments:

Post a Comment

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!