Sunday, December 5, 2010

ගෑණු වැඩියෙන්ම විශ්වාස කරන්නේ "බඩු කාරයෝ"!

අපි අතර ඉන්න "පට්ට බඩුකාරයෝ" මෙන්න මේ වගේ "ප්‍රබන්ධයක්" ගොඩනගා ගෙන තියෙනවා.

මොකද්ද?

"හොඳ වැඩක් කරගෙන සමාජයට යහපතක් කරගෙන ඉන්න අයට අනෙක් අය ඉරිසියා කරනවා. ඒ හින්දා ඒ ඉරිසියාකාරයෝ ඒ හොඳ වැඩක් කරගෙන ඉන්න අයට මඩ ගහනවා. කතා හදනවා. හොර ගෑණු ඉන්නවාය කියනවා. පොඩි ළමයි අපචාරෙට ගන්නවා කියනවා. මෙලෝ හසරක් නොදන්න ගම්වල කෙල්ලන්ව රවට්ටගෙන උන් අනාථ කරනවයි කියනව.

ඵල ඇති රුකටනේ පොලු ගහන්නේ.

දැං ඔය මොකුත් නොකරන අය මොකුත් කරන්නේ නැතිව මොනව හරි කරමින් ඉන්න අයට මෙලෝකේ මිනිහෙක් විශ්වාස නොකරන පට්ටපල් බොරු කතා ගොතල ඒ අයගෙ කීර්තිනාමය පළුදු කරනවා.

පිඟන් බිදෙන්නේ පිඟන් හෝදන අය අතින් නේ.

ඉතිං මොනව හරි වැඩක් කරන කෙනෙක් අතින් තමයි වැරැද්දක් වුනත් වෙන්නේ. නමුත් මේ නිකම්මු කරන්නේ අන්න ඒ වගේ අයගේ වැරැද්දක් වෙනකම් බලං ඉඳලා ඒක අල්ලගෙන අර මිනිස්සු නැති කරන්න වැඩ කරන එකයි.

ඇත්තටම ගත්තම ඒ සමාජයට වැඩක් කරන උදවිය පුදුම චරිත.

ඒ අය කවදාවත් ලිංගික සූරාකෑමක් පීඩනයක් කාටවත් කරන්නේ නෑ. කාගෙවත් වල ඉහගෙන කන්නේ නෑ. දුප්පත් මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් හම්බ කරපු සල්ලිවලට විදින්නේ නෑ. පොකට් ගහන්නේ නෑ. දේශපාලකයන්ගේ පුකවල් ලොවන්න යන්නේ නෑ. ඒ වගේ වැඩ කරන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නෑ.

නමුත් මේ නිකම්මු ඒ වගේ සද්ගුණවත් අයගේ නම් කැත කරන්න වැඩ කරනවා."

ඔන්න ඕක තමයි ප්‍රබන්ධය.

මේක හරි ෂෝක් කතාවක්. ඇත්ත වහල දමන්න නියමෙටම ගැලපෙන කඩතුරාවක්. ඕනම කෙනෙක් මේ කතාව ඇහුවම ඒ කතාව කියපු කෙනාව ගෙදර තිබ්බ දේව රූපේ අයින් කරල එතනින්ම තියා ගන්න තරමට වශී වෙනවා.

මේක තමයි අද සමාජයේ ඕනම ක්ෂේත්‍රයක ලොකුම ගේම්කාරයගේ ඉඳලා පොඩියට බ්ලොග් එකක් අටවං ඉන්න තක්කඩියා දක්වා සේරමලා තමන්ගේ "අතිශය රහස් බිස්නස්" ලීක් වුනාම කියන කෝකටත් තෛලය.

"අපි වැඩක් කරනවා. ඉතිං හතුරො ඒකට ගේම දෙනවා. නැතුව අපිට වෙලාවක් කොහෙන්ද බඩු ගහන්න? බඩු අල්ලේ නටවන්න? මේවා කියන එවුන්ට පිස්සු. ඉරිසියාව. අපේ පවුල් කඩලා අපේ ඔලු අවුල් කරන්නයි උන්ට ඕන. අපි කරං යන වැඩ පීලි පන්නන්න හොඳම විදිය තමයි අපේ ගෙවල් වල ඉන්න ගෑණු අපට විරුද්දව උසාවි පොලිසි ගානේ රස්තියාදු කරවන එක. ගෙවල්වල ආරවුල් ඇති කරවන එක. එතකොට අපේ වැඩ දුර්වල වෙලා අපි නතර වෙනවනේ. ඒක තමයි හොර ගෑණු ඉන්නවා කියල කටකතා මවලා අපේ ගෙවල්වලට ආරංචි වෙන්න සලස්වන්නේ."

මෙහෙම කියන්නේ සමාජයට විතරක් නොවෙයි. ගෙදර උන්දැට කියන්නෙත් මේ කතාවමයි‍. අනේ ඉතිං ගෙදර උන්දැලත් මේවා විශ්වාස කරං ඉන්නවා. ඒක වෙන්නෙත් මාර විදියකට.

ඉස්සෙල්ලම "බඩු ගහන ව්‍යාපෘතියක්" පටං ගන්න මේ වගේ පොරවල් ගෙදරට කියන්නේ:

"මම මගේ ජීවිතේම කැප කරල වැඩට බැහැල ඉන්නේ. මේ මම කරන වැඩේ මේ යුගයේ කවුරුවත් කරන්නේ නෑ. අපි අහවල් දේ වෙනුවෙනුයි පෙනී ඉන්නේ. ඒ හින්දා මගේ ජීවිතේම තියෙන්නේ අනතුරක. කොයි වෙලාවක මාව උස්සයිද දන්නෑ. ඔයා ‍ගොඩක් කට පරිස්සම් කරගන්න. ඔයා කට ඇරියොත් මගේ ජීවිතේ විනාස වෙලා යනවා. ඒ හින්ද මොන දෙයක් මොන ආරංචියක් ඔයාට කවුරු කීවත් කලබල වෙන්න නම් එපා. ඒවා සේරම කුමන්ත්‍රණ. මාව නවත්තන්න කරන ප්‍රතිගාමීන්ගේ වැඩ. ඔයා ට මගේ ජීවිතේ බාරයි. ඔයා විතරයි මේ සේරම දන්නේ."

ඉතිං ගෑණි ඊට පස්සේ කට හොල්ලන්නේ නෑ. ගෙදරටම කෝල් එනවා "අන්න ඔයාගේ මහත්තයා අහවල් කෙල්ල එක්ක අද නාවල පාරේ හැන්දෑවේ කෝපි කඩේක ඉඳලා ත්‍රීවීල් එකකින් කිට්ටුව රෙස්ටොරන්ටුවට ගියා" කියලා. නමුත් මෙයා විශ්වාස කරන්නේ නෑ මේ කපේට.

ඇයි ඒ?


මහත්තය බෝලේ බස්සල තියෙන්නේ කොළ බොක්කටම ඒ ආරංචි සේරම පට්ට කුමන්ත්‍රණ කියලා...

No comments:

Post a Comment

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!