Sunday, December 5, 2010

අනේ බර්ගර් කිං



මේ තියෙන්නේ ඇත්තක්!

ඒ වුනාට බොරු වගේ පේන්නේ
නැද්ද?
හිතට දුකයි වගේ
වැඩක් වගේ කාගේ හරි
මැක්ඩොනල්ලට විරුද්ධ?

ඒ වුනාට තව කන්න
තව කන්න
ගිහිං වාඩිවෙලා
පෝලිමෙ ඉඳලා හරි
සීතල හුළං වැදි වැදි
කොට ගවුම් අස්සෙන් පේන
බෝක්කු දිහා බලං
තව කන්න බර්ගර්

පුම්බලා තියෙන්නේ හරියට
පෑඩ් දමපු බ්‍රෙසියරෙන් පිම්බිච්ච
හුළං තං දෙකක් වගේ
දන්නවනේ ඉතිං
ස්ලිම් අයටත් ඇඩ් එකක් තියෙන්න එපැයි
මේ වගේ
බාල වුනාට බඩු ගණං!

ඇහුවම බෑ කියනවා. අනේද කියන්නේ...
ඒත් මේවා
සල්ලි දික් කළාම අතට එන්නේ "සර්" කියං...
ඕන බයියෙක්
"සර්" වෙනවා මැක්ඩොනල් කැෂියර් ගාව!

මේ වගේ කෑමක්
බඩට ගියත්
ගූ වෙන්නේ නෑ
ඒක මාර දෙයක්!
"සර්" කියලමනේ දෙන්නේ...

මැලවිලා තිබ්බත් පෝෂණේ ඉහලයි
ලැබෙන්නෙත්
ඉහළ පංතිවල ලෙඩ රෝග විතරයි
‍චොකලොස්ටරෝල් හයි හායි ප්‍රෙසර්
ඩයබිටිස් මෙනිංජයිටිස් පොල්කරටිස්
හයිපර් පර ටැන්සොං නම්බුකාර!

අනේ බර්ගර් කිං
මාවත් කාලා දාපං!

4 comments:

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!