Monday, November 29, 2010

කුණු සහ අකුණු

ලංකාවේ දැන් අලුත්ම බිස්නස් එක තමයි කුණු බිස්නස් එක!

කුණු විකුණන්න දැං පට්ට තරගයක් තියෙනවා. මේවා එසේ මෙසේ කුණු නොවෙයි. සාහිත්‍ය කලා කුණු!

මේ කුණුවල අනිත් කුණුවලට වඩා වෙනස සොයා දැන ගන්ඩත් ඕන. ඕනම කුණක් දැං කුණු විදියට ගන්න බැරි තරමට කුණු සීඝ්‍රගාමීව කොලිටියෙන් වැඩි වීගෙන යනවා.

එහෙම කුණු කොලිටි නග්ගන වෙබ්සයිට්, බ්ලොග්සයිට්, සැලෝලයිට්, පත්තර, සඟරා කඩමාලු හතරවටේ තියෙනවා අම්බානක් මොකද මේ කුණු කියන්නේ කුණුම නොවන අකුණු ජාතියක් නිසා.

මෙතන හැබැයි මඩ නෑ. කුණු විතරයි. කාගෙ කාගෙත් ඇඟේ ඔතාගෙන අනිත් එකාගේ කුණු අදින පරපෝෂිතයො වගේ ඉන්න මළ කුණුවලටයි මෙතනින් අදින්නේ...කුණු ඇඟේ පතේ නැති අය කලබල වෙන්ට එපා. ඒ අය බේරලා මළකුණුවලට ගේම දෙන්නයි මේ එන්නේ...

කේශාන්තෙ ඉඳං පාදාන්තෙට කුණු නාගෙන ඉන්න අයට විතරයි මේ අකුණු වදින්නේ!!!

දිගටම රැඳෙන්න!!!

සර්වලෝකවාසී මිනිසුනි එක්වව්!
කුණුවලට එදිරිව අකුණු!

No comments:

Post a Comment

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!